මියැසි -- නව කතා දැහැන



" මියැසි..... ළමයෝ නැගිටින්නකෝ. අනේ ඇත්තමයි, මේ ළමයට අදවත් වේලාසන නැගිටින්න උවමනාවක් නැති හැටි....."
 

😬😬😬

" ම්ම්ම්....... හරි හරි අම්මේ තව විනාඩි පහයි...." 😴😴😴

" මට මොකෝ ඕනතරම් ඉන්න්කෝ. අද අලුත් ඉස්කෝලෙට මමනෙ යන්නේ......." 🙄🙄🙄

මියැසි කියන්නේ සමාන්ය පෙළ ඉවර වෙලා උසස් පෙළට සූදානම් වෙන පුංචි දගකාර කෙල්ලෙක්......

දැන් ආයෙත් කතාවට........

" හයියෝ....... දෙයියනේ....... 😫😫
අම්මේ...... වෙලාව කීයද ??? අනේ අම්මේ මගේ ගවුම මැදලා දෙන්න, සපත්තු දෙක හේදුවෙත් නැහැ "

" චූටී..... කෝ මගේ රිබන් දෙක ??? " 😤😤😤 " හැම එකම ගන්නව නටන්න ගියාම........ "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" හ්ම්ම්..... බුදු සරණයි..... කොල්ලෝ එක්ක එහෙම ඕනවට වැඩිය කතාවට යන්න එපා පුතේ හොදද..... " 😔😔😔
" අලුත් යාලුවොනෙ. අපි දන්නෙ නැහැනෙ මොන වගේද කියලා..... "

" හරි හරි මගේ අම්මියෝ,, " 😊😊

" අම්මේ කෝ තාත්තා ??? අනේ අම්මේ කතා කරන්නකො පරක්කු වෙලා.... "

" බොරුවට කෑගහන්නේ, තාත්තා bick එක ගන්නව පේන්නෙ නැද්ද ළමයෝ ??? "

" හ්ම් හ්ම් බුදු සරණයි...... "
" නගින්න ඉක්මනට, දැන් පරක්කු වෙලා කියලා කෑ ගැහුවානේ ??? "

😏😏😏😏😏😏😏😏😏😏 "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" හ්හ්හ්.... හරි තාත්තේ, මන් යනවා හොදේ. 1.30 ට එන්න..... "

" හායි ගගනී.... good morning..... "
" අනේ බන් මාත් එක්ක හිටපන් හොදේ.... මන් මෙහේ දන්න කෙනෙකුට ඉන්නෙ උබ විතරනේ...... " 😔😔😔

" හරි මැඩම්,,, හරි....."
" දැන් යමන් රැස්වීමට. පරක්කු වෙනවා. මන් duty ඉන්නත් ඕනනේ. (8 D) clz එකේ prefect..... "

" මන් දැන් තනියමද ඉන්නෙ ??? "
" කාවවත් අදුරන්නෙත් නෑ....... " 😔😔

" මේ ඉන්නෙ තරුෂි. "
" මගේ best friend. මෙයා එක්ක ඉන්න්කෝ.... "

" හායි මියැසි....... "

" හායි තරුෂී....... "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" මොනවද ගගනී,, අර principal කාරයා කිව්වේ ??? "
" මටනම් මේ ලොකෙ දෙයක් තේරුණේ නැහැ...... "

" මන් දන්නෙ නෑ තරුෂි..... "
" ඔය මනුස්සයා ඉතින් හැමදාම බූත නේ කියවන්නේ........ " 😆😆😆

" මියැසි,,, මොකද බන් කට වහගෙන ඉන්නෙ ??? "
" උබ කොයි වෙලාවෙත් කට කැඩිච්ච ගිරවි වගේ කියවනවා නේද ??? "
" උබට නිහඬතාව ගැලපෙන්නේ නෑ බබෝ....... " 🤣🤣🤣🤣

" උබ දන්නෙ නැහැනෙ ගගනී,,, "
" ඒකිට හරි වැඩක් වෙලානේ... 😉😉😉

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" ඇයි ඇයි ? මොකද වෙලා තියෙන්නේ ??? "

" උබම අහල බලපන්කෝ.... මන් කියනෙක හරි නැහැනෙ.... නේද මැණික.... " 😂😂😂

" මියැසි... මට කියන්න..... ඇයි ඔයා ඔහොම ඉන්නෙ ??? "

" මේ බලන්න අපි දෙන්න පොඩි කාලෙ ඉදලම යාලුවො. ඉතින් ලමයෝ ඔයාට මට කියන්න බැරි දෙයක් නැහැ නේද ??? "


" ග.. ග.. ගගනී, මේ... මේකයි. ඔන්න එහෙනම් කිව්වා..... "

" ගගනී, කොල්ලෙක් ඇවිත් මගේ මූනටම ආදරෙයි කියලා ගියා..... " 😖😖

මියැසි තරමක් උස් හඩින් පැවසීය....

" හයියෝ..... මැට්ටියේ උබ ඕකටද ඔච්චර දැගලුවේ ??? "

" මම හොදටම බය උනා..... "

" ඉතින් අනේ ඒ කොල්ලා මට මූනටම කියලා ගියානේ. මට ලැජ්ජත් හිතුනා. තරුෂිත් ඉන්න තැන. " 😌😌😌


" හරි හරි බන් ඕක ගනන් ගන්න එපා. කොල්ලොන්ගේ හැටිනේ බන්.... නැට්ට පිටින් අලි මැරෙන්නේ.... " 😂😂😂

" අපි බලමුකෝ. උබ මට පෙන්නපන්කෝ...... "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" හහ්හ්.... අම්මේ අදනම් හොදටම බඩිගිනියි.... "

" කෝ නංගිලා දෙන්නා ??? "

" නංගිලා දෙන්නා සෙල්ලම් කරනවා.... "

" ගිහින් ඇගපත හෝදගෙන එන්නකො. මන් බත් බෙදනකන්.... "

මියැසි නාගෙන ඉවර වෙලා ඇවිත් බත් පංගුව රැගෙන පුටුවේ හිද ගත්තේ යකෙක් කන්න තරම් බඩිගින්නෙනි.

මියැසිගේ අම්මාද ඒ අසලින් ඇවිත් හිද ගත්තේ පාසලේ වගතුග ඇසීමට සැලසෙමිනි.


" දැන් ඉතින් කියන්නකෝ. කොහොමද ඉස්කෝලෙ ??? අලුත් යාලුවො එහෙම හොදයිද ??? මොකුත් ප්රශ්න එහෙම නැහැනෙ ??? "

එය ඇසූ විගස මියැසිගේ කටේ තිබුනු බත් පිඩ හිරවී කහින්න පටන් ගත්තාය.

" හා හා හෙමින් කන්න ළමයෝ.... "

" මො... මොන ප්රශ්නද අම්මේ ??? එ... එහෙම මොකුත් නෑ.... " 😏😏😏

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

දන්නෙම නැතුව දවස් කිහිපයකුත් ගත උනා. මියැසි එයාගෙ යාලුවො.... ( ගගනී , තරුෂි , අලුත් යාලුවා මාශි ) එක්ක ගොඩාක් විනෝදෙන් හිටියේ. මියැසිට දැන් ඉස්කෝලෙ හොදටම පුරුදුයි.

හැබැයි ඉතින් මියැසිට තිබුන නවක වදයනම් අඩු උනේ නෑ. ඉස්කෝලෙ ඉන්න head prefect චමෝද්යා අක්කා හැම තිස්සෙම මියැසිට වැරැද්දක් කියන්න කට හදනවා.

" නංගී ඔයා කොන්ඩේ ගොතනවා උඩ වැඩියි , ඔච්චර කොන්ඩකටු ගහන්න එපා , ගවුමේ ඉන පහළ වැඩියි , ගවුම කොටයි..... "
ඔය වචන ටික තමයි කටේ තිබුනෙම.

හැබැයි ඉතින් මියැසිවත් , චමෝද්යා අක්කවත් දැනගෙන හිටියේ නැති ලොකු දෙයක් එයාල අතර තිබුනා. ඒ.... ඒක අපි පස්සේ බලමුකෝ....

මෙන්න මෙන්න දන්නෙම නැතුව කතාවෙන් පිට පැනලා. යමුකෝ ආයිත් කතාවට....

" අනේ.... මියැසි, මේ ටැප් එක.... "

" කෝ ඉන්න, මන් හදන්නම්.... එහාට වෙයන් ඉතින් බැරල් බාගෙ වගේ පාර හරස් කරගෙන ඉන්නෙ..... 😂😂😂😂

හුරතලේට හැදුනට මියැසිට බැරි දෙයක් තිබුනෙත් නැහැ.....

" උබට ඕවත් පුලුවන්ද බන් ??? "


" ඒකනේ සූටි මගේ ටිකිරි මොලේ තමයි ඉතින්.... " 😄😄😄


" ඒයි ආකාශයෝ, අර බලපන්... අර අලුත් කෙල්ල... "

" අනේ නංගී ඔයානම් so quite අනේ.... " 😘😘😘

මනමාල හිනාව පාමින් එසේ පවසන ගමන් ඔවුන් එතනින් පිටව ගියහ.

" ගගනී, මන් අර ඔයාට කිව්වේ.... ඒ කොල්ලා තමයි ඒ... "

" කව්ද ආකාශ් අයියද ??? "

" මන් කොහොමද බන් නම දන්නෙ ??? අර කලු උස එක්කෙනා. "

" ආ..... සමුදිත අයියා. අපෝ ඕකානම් මහ කුකුළා. දකින දකින කෙල්ල පස්සේ යනවා.... "

" අපේ මාශිටත් line නේ ඕකා. අහුවෙන්නනම් එපා උබ... " 😩😩😩

" පිස්සුද බන් ??? හරි හරි යමන් දැන් අරුන් දෙන්නා අපි එනකන් බලන් ඇති කන්නෙ නැතුව... "

" තරුෂි , මන් කෑම ගෙනාවෙ නෑ බන්. අනේ මන්ද හැමදාම උබලගෙන් කන්නත් බෑ. "

මාශි තරමක් කනස්සල්ලෙන් පැවසීය...

" අපි උබගෙන් කවදාවත් ඒ ගැන ඇහුවද ??? විකාර නැතුව වරෙන් කන්න.... "

මියැසිත් , ගගනීත් පැමිණීය.....

තරුෂි , ගගනී , මියැසි.... තුන් දෙනාම පුටුවල හිද , කෑම ටිකත් පසෙකට කර කම්මුලට අතගහ ගත්තේ මාශිගේ කතාව ඇසීමට සූදානම් වෙමිනි.

" අනේ මන්දා. මට හිතාගන්න බැහැ මන් මේක කොහෙන් පටන් ගන්නද කියලා..... "

" උබලා දන්නවනේ මන් මේ කිට්ටුව බෝඩිමක bord වෙලානේ ඉන්නේ.
මට දැන් එතන ඉදලා ඇති වෙලා තියෙන්නේ.... " 😔😔😔😔

" ඒ පෙරේත ගෑනි හරියට කන්නවත් දෙන්නෙ නැහැ.
උදේට කෑවොත් ඉස්කෝලෙට කෑම ගේන්න දෙන්නේ නෑ.
ඉස්කෝලෙට ගේන්න ඕනනම් උදේට කන්න දෙන්නේ නැහැ. "

" ඔක්කොටම එහා අර රාජ කුමාරි... " 😬😬😬😬

" මන් මේ කිව්වේ බෝඩිමේ ගෑනිගේ දූ.... හැමදාම හවසට කොල්ලො ඇවිත් ඒකිව බලන්න බෝඩිම වටේ කැරකෙනවා. "

" අපිට නිදහසේ ඉන්න නැහැ. "

" ඉස්කෝලෙ නිවාඩු දවස් වලට උයන්නේ නැහැ. පාන්ගෙඩි ටිකක් ගෙනත් දානවා අපිට පරිප්පු හොද්දක් හදාගන්න කියලා. මට දැන් ඇති වෙලා. " 😦😦😦

" ඉතින් බන් ඇයි තවත් ඔතනට වෙලා ඉන්නේ ??? මේ ඉස්කෝලෙ කිට්ටුවම තව ඕනතරම් බෝඩිම් තියනවනේ..... " 🤨🤨🤨

එහෙම කිව්වේ ගගනී ය.......


" අනේ මන්ද බන්. මට තේරෙන්නේ නැහැ. "
" ෂික්.... යාලුවෙක්ගේ ගෙදරකවත් ඉන්න තියනවනම්...... " 😏😏😏

මාශි එහෙම පැවසුවේ ගගනීගේත් ,තරුෂිගේත් , මියැසිගේත් මුහුණු දිහා හොරෙන් බලමින්.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඕනම ඉස්කෝලෙක interval එක ඉවර කරන්න සීනුව තුන් පාරක්ම නාද කරනවනේ.
ඉතින් ඔන්න දන්නෙම නැතුව පළවෙනි සීනුව වැදුනා.
යාලුවො හතර දෙනාට එතකොට තමයි මතක් උනේ කෑම කෑවෙවත් නැතුව නේද මේ කෝප්ප හොදන්නේ කියලා. 😲😲😲

ඉතින් හතර දෙනාම දඩිබිඩියේ කතාව නවත්තලා කාගෙන කාගෙන ගියා.
ඔය විදියට දවස් ගානක් ගත උනා. ඒ හැම දවසකම interval එකේදී මාතෘකාව උනේ මාශිගේ දුක්ගීය තමයි ඉතින්.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" මියැසි , නිදාගන්නෙ නැද්ද පුතේ ??? "

" නිදිමත නැහැ අම්මේ. මන් මේ clz එකේ දිපු වැඩ වගයක් කරා. නැත්තන් ඉතින් ගොඩගැහෙනවනේ.... "


" ඉතින් දරුවෝ ඔය සින්දු දාගෙනද වැඩ කරන්නේ ??? "

" ආහ්හ්..... එතකොට නිදිමත නෑ අම්මේ. 😁😁😁
දැන් ඉවරයි. තව චුට්ටයි තියෙන්නේ. "

" ඕන්න්න්න...... ඉවරයි..... "

" අම්මා නිදාගන්නෙ නැද්ද ??? "

" ඔයා එනකන් හිටියේ...... "

" අනේ මන්ද පුතේ. මට තාමත් හිතට හරි නැහැ ඔයාට ඔය ඉස්කෝලෙට යන්න උන එකට. " 😔😔😔

" මම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔයාව මන් ගියපු ඉස්කෝලෙට දාන්න. "

" ඒක කරගන්න බැරි උනානේ. "

" වෙන අම්මලා කරන්නේ කොහොමහරි තමන්ගේ ළමයව කලින් ගියපු ඉස්කෝලෙට වැඩිය හොද ඉස්කෝලෙකට දානඑක. "

" ඒත් ඔයාට යන්න උනේ හිටිය ඉස්කෝලෙටත් වැඩිය පොඩි ඉස්කෝලෙකට......... " 😞😞😞

මියැසිගේ අම්මා ගියේ ගොඩාක් උසස් පාසලකට.

මියැසිගේ අම්මගේ බලාපොරොත්තුව උනේ කොහොමහරි මියැසිවත් ඒ පාසලටම දාන්න.

ඒත් ඒ පාසලට ළමයි අතර තිබුන තරගෙ නිසාම මියැසිට ඒ අවස්ථාව ගිලිහුනා.

ඒ උනත් ඒ පාසලේ ගණිත ගුරුතුමා.... ( ඒ කියන්නේ මියැසිගෙ අම්මගේ හොදම යාලුවා ) මියැසිගේ අම්මට පොරොන්දු උනා ටික දවසක් ගත උනාට පස්සෙ හරි මියැසිව ඒ පාසලට ගන්නම් කියලා.

" ඕක ඔච්චර හිතන්න එපා අම්මේ. O/L වලට වගේ A/L වලට ගොඩාක්ම ඉස්කෝලෙ බලපාන්නේ නැහැනෙ. "

" A/L ගොඩදාන්නේ කොහොමත් clz වලින්නේ. "

" අනික මන් දැන් මේ scl එකට ගොඩාක් කැමතියි. 😊😊😊

" හ්ම්ම්...... මට හැම තිස්සෙම මාශිව මතක් වෙනවා අම්මේ..... පව් එයා..... "

" ඇයි මොකද වෙලා තියෙන්නේ ??? "

" එයාගෙ ගෙවල් ගොඩාක් දුරනේ. ඒක නිසා එයා බෝඩිමක ඉන්නෙ. "

" ඒ බෝඩිමෙන් එයාට වෙනස්කම් කරනවලු අම්මේ.... " 😔😔😔

" අනික එයා කියන විදියට එතන ගෑනු ළමයෙක්ට ඉන්න හොද තැනක් නෙමෙයි... "

" interval එකට කෑම ගේන්නෙත් නැහැ. හැමදාම මගේ කෑම එක හරි ආසාවෙන් කනවා රසයි කිය කිය. "

" මට කිව්වා අම්මට කියලා කෑම එක වැඩිපුර බෙදාගෙනඑන්න කියලත්. පව්... "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

මියැසි දගකාරයි වගේම එයාට තියෙන්නේ ඉක්මනට උනු වෙන හදවතක්.

මාශිගේ කතාව මියැසිට ගොඩාක් තදටම හිතට වැදිලා.

" ඉතින් ඒ ළමයා එක්ක කතා කරලා ඒ ළමයව මෙහේ එක්කන් එන්න්කෝ. "

" ඔයාටත් ලේසියිනේ. එකට ඉස්කෝලෙ යන්න පුලුවන් , clz යන්නත් පුලුවන්නේ.... "

" පව්නේ. කව්රු උනත් අනේ ඒත් දරුවෙක්නේ.... " 😌😌😌

මියැසිගෙ අම්මටත් චුට්ටක් කට සැර උනාට හිත හරිම හොදයි......

" අම්මා ඔය ඇත්තටමද කිව්වේ ??? " 😃😃😃

" මන් එහෙනම් හෙට ගියාම එයාට ඒක කියන්නද ??? "

" අනේ මට හෙට වෙනකන් ඉවසිල්ලක් නැහැ අම්මේ..... එයාට ගොඩාක් සතුටු හිතෙයි. " 😁😁😁

" ඔව් හෙට ගියාම කියන්න. "

" මන් තාත්තතටත් කියන්නම්.
ඉස්කෝලෙ ළගට ගිහින් හරි ඒ දරුව එක්ක කතා කරලා එන්න කියලා. " 😕😕

" එතකොට ඒ දරුවගේ අම්මයි තාත්තයි එයිනෙ මේ ගැන කතා කරගන්න "

" දැන් ගිහින් නිදාගන්න. උදෙන් නැගිටින්නත් ඕනනේ.... Good night !!! "

" Good night !!! අම්මේ...... " 😴😴😴

" හායි චමෝද්යා අක්කේ.... good morning !!! " 😃😃😃

මියැසි පාසලට ඇතුළු උනේ චමෝද්යා අක්කට good morning කියාගෙන.

ගේට්ටුව ළග ඉදලා එයාගෙ clz room එකට ගියේ අඩියට දෙකට උඩ පැන පැන. පුදුම සතුටකින්.

චමෝද්යා අක්කටත් මේ වැඩේට හරි පුදුමයි.

" මෙයාට මොකද මේ වෙලා තියෙන්නේ ??? " 🤔🤔🤔

"මේ ඉස්කෝලෙට අලුතින් ආපු කෙනෙක් මට good morning කියලා කිව්වමද කොහෙද..... "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" මාශියෝ..... ඔන්න ඔයාගෙ ප්රශ්න ඔක්කොම ඉවරයි. "

" ඔයා ඉක්මනට මේ ගැන ඔයාගේ අම්මලාට කියන්න. "

" ඔන්න පරක්කු කරන්න එපා. අනේ මට ඉවසිල්ලක් නෑ..... " 😊😊😊

මියැසි එකපාරටම පැනපු ගමන් මාශිව බදාගත්තා.

" මියැසි , මියැසි.... පොඩ්ඩක් ඉන්න. Cool down කෙල්ලේ.... " 😮😮😮

" මොකද වෙලා තියෙන්නේ ??? මොනවද අපේ අම්මලට කියන්න කිව්වේ ??? "

" මන් කිව්වේ නැද්ද ??? අයියෝ ඕනම එක කියලා නැහැනෙ...... " 🙄🙄🙄

" හරි අහන්නකෝ. අපේ අම්මා කිව්වා ඔයාව අපේ ගෙදර එක්කන් එන්න කියලා. "

" අනේ මට ඉවසිල්ලක් නෑ. ඔයා ඉක්මනටම ඔයාගෙ අම්මලාට කියන්න. "


" මොනවා.... ඔය ඇත්තමද ඔයා කියන්නේ ??? " 😃😃😃

" මට.... මට හිතාගන්න බැහැ. Thanks මියැසි. Thank you so mutch...... "

" ඒත් ඉතින් මට මේ ගැන අම්මලාට කියන්න වෙන්නෙ තව දවස් හතරකින්. " 😌😌😌

" මොකද , අපේ ළගම නෑදෑයෙක්ගේ මළ ගෙයක් වෙලා. ටිකක් දුර. අම්මලා එහේ ඉන්නෙ. "

" අම්මලා ආයිත් අපේ ගමට ගියපු ගමන්ම මන් මේක කියන්නම්. "

" හරි හරි කෙල්ලේ..... " ☺️☺️☺️

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

යාලුවන්ටත් කියලා මියැසි ඉක්මනටම පාසලෙන් එලියට ආවෙ අද එයා ගෙදර යන්නේ bus එකේ නිසා. මොකද අද මියැසිගෙ තාත්තා ගෙදර නැහැ.

ගේට්ටුවෙන් එලියට ආපු මියැසි එකපාරටම ගැස්සුනේ දිගු හුස්මකුත් ගන්න ගමන්. 😲😲😲

" උඩ බලාගෙනද යන්නේ ??? තව පොඩ්ඩෙන් හැප්පෙනවනේ..... "


" මේ මිනිස්සුන්ට වාහනයක් අතට හම්බුනාම හිතන්නේ පියාඹනවා කියලා."

" අන්තිමට අපි තමයි අමාරුවේ වැටෙන්නේ..... " 😬😬😬

මියැසි ගත් කටටම බැනගෙන ගියා මිසක් හිටියේ කව්ද කියලවත් බැලුවේ නැහැ.

මොකද ඒ bick එක breck ගහපු පාර bick එකයි , මියැසිගේ කකුල් දෙකයි අතර තිබුනේ නූලක ඉඩක් විතරයි. කෙලින්ම කිව්වොත් නූලෙන් බේරුනේ...

මියැසි ආයිත් හැරිලා ආවෙ බැන්නා මදි වගේ කියලා තව ටිකක් බනින්න හිතාගෙන.

🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯

Bick එකේ හිටපු කෙනා helment එක ගලවපු ගමන් , මියැසි බැනිල්ලත් පැත්තකින් තියලා ජෙට් එකක් යනවටත් වැඩිය වේගෙන් ගිහින් නවත්තලා තිබුන bus එකට නැග්ගා.

කව්ද bick එකේ ඉන්නැත්තේ ??? බලමු නේද....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" මොකද දරුවෝ වෙලා තියෙන්නේ ??? මොන ලෝකෙද ඉන්නේ , ඔය ටැප් එක වහන්න. " 😬😬😬

අම්මගේ කටහඬට තමයි දැක්කේ කෝප්පේ වතුර පිරිලා උතුරලත් යනවා කියලා.

මියැසි හෙමින් සීරුවේ ඒක මග ඇරලා කාමරේට ආවා. 😏😏😏

සැරින් සැරේට මියැසිට මතක් වෙන්නේ අද වෙච්ච සිද්ධිය.

වැඩක් කරන්න ගියත් ඒකම කල්පනා වෙනවා.

ඒ නිසාම මියැසි අද අම්මගෙන් බැනුම් අහනවා ඉවරයකුත් නැහැ.

ආ... කියන්න බැරි උනානේ..... මියැසිට ඉන්නෙ නංගිලා දෙන්නෙක්නේ. පවුලේ වැඩිමලා මියැසි.

මියැසිගෙ ලොකු අම්මට ඉන්නෙත් දුවලා දෙන්නෙක්. ෂලී අක්කයි , ටාෂි නංගියි.

මියැසිට අක්කා කෙනෙකුට හිටියේ ෂලී අක්කා විතරයි. එයා අක්කා උනාට මියැසිට වැඩිය අවුරුදු දෙකයි වැඩිමල්.

ඒක නිසා මේ දෙන්නා හිටියේ යාලුවො දෙන්නා වගේ.

කොහොම උනත් මියැසි මේ එයාගෙ කාටවත් නොකියන ප්රශ්නෙ මියැසි ඇරුනම දැනගෙන හිටියේ ෂලී අක්ක විතරයි.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


" අනේ ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ ??? ඇයි මේකෙන් මට බේරුමක් නැත්තේ ??? " 😌😌😌

" හෙවනැල්ල වගේ ඇයි මේ ප්රශ්නෙ මගේ පස්සෙම පන්නන්නේ ??? මන් කාටද මේවා කියන්නේ ??? "

" ෂලී අක්ක හිතන්නෙත් මන් වැරැදියි කියලා. ඇයි කවරුවත් මාව තේරුම් ගන්නෙ නැත්තේ ??? "

" මම කරේ ඒ වෙලාවෙ කරන්න තිබුන හොදම දේ. මං මොනවහරි කලානම් එහෙම කරේ මගේ ආරක්ෂාවට. " 😑😑😑

" කව්රු මාව තේරුම් ගත්තත් නැතත් මන් දන්නවා මන් හරි කියලා..... "


හෙට ඉතින් කතාවෙ හැටියට සෙනසුරාදානේ. සෙනසුරාදා කියන්නේ මියැසිගේ account clz දවස.

මියැසිට මොන ප්රශ්නෙ තිබුනත් එයා account නම් අත අරින්නේ නැහැ .

මොකද account කියන්නෙ මියැසි කැමතිම subject එක.

කාමරේ ඉදන් තනියම කියවන ගමනුත් මියැසි කරේ හෙට clz යන්න ඇදුම් ලෑස්ති කරනෙක. 🧐🧐🧐

ඔක්කොම වැඩ ඉවර වෙලා ඉක්මනට නිදාගන්න ඇදට ගියේ හෙට උදෙන්ම නැගිටින්න ඕන නිසා.

" එපා...... එපා. මට පාඩුවේ ඉන්න දෙන්න. "

" මන් කිව්වනේ..... කිව්වම අත අරින්න. "

" යන්න දෙනවා මට. " 😫😫😫

මියැසි හීනෙන් කෑගහන්න ගත්තා. ඒ සද්දෙට අම්මත් කාමරේට දුවගෙන ආවා.

" පුතේ ඇයි ??? ඇයි කෑගහන්නේ ??? "

අම්මා එද්දී මියැසි හිටියේ ඇද උඩ වාඩිවෙලා. 😲😲😲😲😲

" නෑ , මන් නරක හීනයක් දැක්කා අම්මේ ??? "

" ඔච්චර බයවෙලා කෑගහන්න තරම් මොනවද දැක්කේ ??? " 😐😐😐

" අනේ මන්දා මතක නැහැ අම්මේ.... "

" හරි දැන් ඉතිපිසෝ ගාතාව කියලා නිදාගන්න. මන් නින්ද යනකන් ළගින් ඉන්නම්. "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" අම්මෝ මෙච්චර ඉක්මනට උදේ උනාද ??? " 😩😩😩

" හ්ම්ම්..... නැගිටින්න නැගිටින්න කම්මැලියා. "

" Clz යන්න පරක්කු වෙයි..... "

මියැසි හිතින් හිතන ගමන් කම්මැලි ඇර ඇර නැගිට්ටේ ඉක්මනට clz යන්න redy වෙන්න.

මියැසි වැඩිපුර ආසකරන්නේ ගවුම් අදින්න. 👗👗👗

එයාට තියෙන තරමක් තිබුනෙත් ගවුම්.

ගවුම ඇදලා , කොන්ඩෙ කඩා හැලෙන්න දිගට දාලා , පොඩි කොන්ඩ කටුවක් ගහලා , අතේ watch එක බැදලා , ඇදුමේ පාටට ලේන්සුවකුත් අතට ගන්න එක තමයි මියැසිගෙ විදිය උනේ.......


" අම්මේ මන් යනවා. අද clz ඉවර වෙන්නේ 2 ට. "

" හරි පුතේ බුදු සරණයි. කුඩේ ගත්තද ??? වතුර එකක් දාගත්තද ??? "

" ඔව් අම්මේ ගත්තා. මන් යනවා. "

" හොදයි , පරිස්සමින් යන්න. "

" අනේ දෙවියනේ අදවත් මට හොද දවසක් වෙන්න. " 🙄🙄🙄

Bus එකෙන් බැහැලා මියැසි clz එකට යන අතරතුර හුරුපුරුදු කටහඩක් මියැසිට ඇහුණා. 😒😒😒

" මියැසි , මියැසි පොඩ්ඩක් නවතින්න. "

මට නේද මේ කතා කරන්නේ කියලා හැරිලා බලපු මියැසි හිටපු කෙනා දැක්කම නොදැක්කා වගේ යන්න ගියා.

" අනේ දෙවියනේ ඊයෙ දැකපු හීනෙ හැබෑ වෙන්නද යන්නේ..... " 😕😕😕

මියැසි තමන්ටම කියාගත්තා.

ඔහු ආයිත් වරක් මියැසිට අමතන ගමන් bick එකෙන් වේගෙන් ඇවිත් මියැසිගේ පාර හරස් කරා.

" ඇයි මට වද දෙන්නේ ??? " 😣😣😣

" මන් කිව්වනෙ කතා කරන්න දෙයක් නැහැ කියලා. "

" මට පාඩුවේ ඉන්න දෙන්න. "

" ඇයි දැන් මාව මග අරින්නේ ??? "

" මග අරින්නේ ඕන නැති නිසා. "

" මේ අහන්න , මට ඔයා කියන කියන විදියට ඉන්න බැහැ , මගේ වැඩත් පාඩු කරගෙන. "

" ඔයාගෙ ඔය හැසිරීමට ගැලපෙන කෙනෙක් නෙමෙයි මම. "

" Plz ඒ දේවල් වලට හරියන කෙනෙක් හොයාගන්න. " 😫😫😫

" මන් ඔයාට අනන්තවත් කියලා තියනවා මෙහෙම කරන්න එපා , අරම කරන්න එපා කියලා. "

" ඔයා මගේ නමින් දිව්රනවා ආයිත් කරන්නේ නැහැ කියලා. "

" මන් වටින්නේ නැති නිසානේ ආයිත් ආයිත් ඒ දේවල්ම කරන්නේ. "

" ඔයා මට කියපු දේවල් තාමත් මගේ කන් දෙකේ දෝංකාර දෙනවා. " 😑😑😑

" ඔයා හැදෙන්නේ නැති නිසා මන් හොදට හිතලා බලලා මේ තීරනේ ගත්තේ. "

" අනේ ඒක නිසා පිං සිද්දවෙයි සිනෙත් අයියේ මට පාඩුවේ ඉන්න දෙන්න. ආයිත් එන්න එහෙම එපා. " 😌😌😌


🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" හරි ළමයි දැන් ඇති වෙලාව. ඔක්කොම bord එක බලාගන්න. හැමෝම කියන්න ආකෘතිය. "

" ඔය පිටිපස්සෙ පේලියේ සද්දෙ නවත්තන්න. " 😬😬😬

" කියන්න. නුවන්ගේ ව්යාපාරයේ , 2018 - 3 -31 දිනට, මූල්ය තත්ව ප්රකාශය. "

" පිරිවැය , සමුච්චිත ක්ශය , ශුද්ද අගය , වත්කම් , ජංගම නොවන වත්කම් , ....... "

" මාශි , තාම අම්මල එක්ක කතා කරේ නැද්ද ??? අම්මලා කවද්ද ගෙදර එන්නේ ??? "

" නැහැ බන්. තව දවස් තුනකින් එන්නේ. " එතකොට තමයි කතා කරන්න වෙන්නෙ. මාත් මේ අම්මලා එනකන් දින ගනන් කර කර ඉන්නේ...... "

" හාකෝ..... එහෙනම්..... " 😕😕😕

" හරි ළමයි එහෙනම්. ලබන සතියේ පැය තුනේ paper එක. හැමෝම ලෑසති වෙලා එන්න. "

" ආයුබෝවන් හැමෝටම. "

මියැසි අද උදේ ගෙදරින් එලියට ආවෙ ප්රශ්න ගොඩාක් එක්ක උනාට එයා හිතුවටත් වැඩිය ඉක්මනට ගෙදර යන්න කලින් ඒ ඔක්කොම විසදුනා.

මොකද එයා සිනෙත්ට කියන්න තිබුන හැමදේම කිව්වනේ.....

මියැසිට ඊලඟට ඕන උනේ ඉක්මනට ගෙදර ගිහින් ශලී අක්කට මේ ගැන කියන්න.


🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" අම්මේ මන් ආච්චිලාගේ ගෙදරට ගිහින් එන්නම්. " 😏😏😏

මියැසි යනව කියලා අම්මට කියලා ගියාට ආච්චිලාගේ ගෙදරයි , මියැසිගේ ගෙදරයි තියෙන්නේ එකම මිදුලේ.

" ශලී අක්කේ....... "

" හ්ම්ම්...... "

" අද සිනෙත් අයියා ආවා අද clz එක ලගට. "

" අනේ දිල්ශික අයියට කියන්න එයාට ආයිත් එන්න එපා කියලා. " 😒😒😒

දිල්ශික කියන්නෙ ශලී අක්කගේ boy friend. ඒ කියන්නෙ මියැසිගේ මස්සිනා.

සිනෙත් කියන්නෙ දිල්ශිකගේ යාලුවා. ඒකනේ ශලී අක්ක මේ දේට කෙලින්ම සම්බන්ද.....

" මියැසි , ඔයාට ඔය දේවල් සිනෙත් එක්ක කතා කරල විසදගන්න බැරිද ??? "


" අක්කේ , ඔයාට කියන්න ලේසියි. කතා කරලා විසදගන්න තිබුනා හැදෙනවනම්. " 😌😌😌

" එයා ගැන මන් හොදටම දන්නවා. එයා ඔය පිටින් පේනවා වගේ නෙමෙයි. "

" මන් දන්න නිසා කියන්නේ. ඔයා මන් ඉන්න තැන හිටියනම් ඔයාට තේරේවි. "

ඔය විදියට දවස් කිහිපයකුත් ගත උනා.


☎️☎ " ට්රිං ට්රිං....... ට්රිං ට්රිං......... " ☎️☎️

" මියැසි , 4n එක බලන්න...... "

" හරි අම්මේ........ "

☎️☎️ " ට්රිං ට්රිං........ ට්රිං ට්රිං........ " ☎️☎️


" Hello කව්ද ??? "

" Hello මියැසි ඉන්නවද ??? "

" ඔව් මන් තමයි මේ. කව්ද කතා කරන්නේ ??? " 🤨🤨🤨

" මියැසි , මන් මාශි කතා කරන්නේ.... "

" ආ..... මාශි , ඔව් මචං කියපන්..... "
😀😀😀😀😀


" මියැසි , අපේ අම්මලා ඊයෙ හවස ගෙදර ඇවිත්. "

" හෙට scl ඉවර වෙන time එකට අම්මලා scl එක ලගට එනව කිව්වා මාව ගන්න. "

"අපි එහෙම්මම එන්නෙ ඔයාලගේ ගෙදර. අර වැඩේ ගැන කතා කර ගන්න. "


" අම්මෝ.... ඇති යන්තම්.... " 🤩🤩🤩

" එහෙනම් ඉතින් හෙට වැඩේ sure නේ ??? "

" ඔව් ඔව් බන් sure.... "

" හරි බන් මන් අම්මලාට කියන්න්නම් එහෙනම්. Bye ! "

" Bye !!! " 👋👋👋

" අම්මේ , අම්මේ..... "

" ඇයි ??? "

" හෙට මාශි අම්මලා එක්ක එනවලු අපේ ගෙදර. "

" ආ..... හෙට එනවලුද ??? "

" ඔව් අම්මේ. හෙට scl ඉවර වෙලා එහෙම්මම එනවලු. " 😊😊😊

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" ගගනී , good morning ! "

" කෝ තරුෂියි , මාශියි ??? " 😕😕😕

" good morning බන්. ඒ දෙන්න canteen එකට ගියා. "

" අද මාශි යනවලු නේද ඔයාලගේ ගෙදර ??? "

" ඔව් බන්. අද එයාගෙ අම්මලත් එනවලු. " 😀😀😀

" උබ්ලා දෙන්නට ෂෝක් නේ.... "

" එකට scl එන්න , clz යන්න , පාඩම් කරන්න පුලුවන්නේ..... "

" හ්ම්ම්.... ඔව්නේ...... " 😆😆😆

වෙනදා වගේම ඉස්කෝලෙ අද දවසත් ගෙවිලා ගියා.

මාශිගේ අම්මයි, තාත්තයි ඉස්කෝලෙ ගේට්ටුව ලග හිටියා මාශි එනකන්.


" මියැසි , අර රතු පාට ත්රී වීල් එකේ ඉන්නෙ අපේ අම්මයි , තාත්තයි."

" අපි කෙලින්ම යන්නෙ ඔයාලගේ ගෙදරනේ. ඔයත් යමු අපි එක්ක. "

" හරි යමු.... "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" සුදූ...... සුදූ....... "

" අම්මේ , සුදු අක්කා ආච්චිලාගේ ගෙදර. " 😐😐😐

" චූටියා , බලන්න පුතේ කව්ද ආවෙ කියලා. "

" අම්මේ , ලොකු අක්කා ඇවිත් ත්රී වීල් එකකින්. "

" ආ.... එන්න ඇතුලට. මේ දරුවද මාශි කියන්නේ ??? " 😃😃😃

" ඔව් අම්මේ. මෙයා තමයි මාශි. "

" එන්න පුතේ. අක්කේ එන්න ඇවිත් වාඩි වෙන්න. "

" අක්කලාට එන්නත් ගොඩාක් වෙලා යන්නැති නේද ??? "

" ඔව් නංගී. පැය තුනහමාරක් විතර. "

" ඉතින් අක්කේ , දරුවට ඉන්න බෝඩිම හරියන්නෙ නැහැලු නේද ??? "

" ඔව්. ඒක තමයි නංගී මේ අපිත් බැලුවේ. " 😕😕😕

" අපේ දරුවා ගෙදර ඇවිත් හැමදාම මාත් එක්ක කියනවා. "

" පව් අම්මේ මාශි කෑම ගේන්නෙත් නැහැ කියලා. "

" මන් කිව්වේ ඉතින් කතා කරලා එක්කන් එන්න කියලා. "

" මෙයාටත් ලේසියිනේ. එකට scl යන්න, clz යන්න එහෙම. " 🙂🙂🙂

"රෑ වෙනකන් පාඩම් කරන්නත් බැරිය, තනියකුත් නැහැනෙ. "

" අම්මේ අන්න තාත්තා එනවා. "

" ආ..... මේ අර දරුවගෙ ගෙදරින්ද ??? "

" ඔව්. Scl ඉවර වෙලා එහෙම්මම ආවෙ. මියැසිත් එක්කම ආවෙ. "

" ඔයා පොඩ්ඩක් කතා කරන්නකො. මන් තේ ටිකක් හදාගෙන එන්නම්. "

" මාශි , එන්න මන් ඔයාට මගේ කාමරේ පෙන්නන්නම්. " 🙃🙃🙃

" මෙන්න තේ බීලා ඉන්න අක්කෙ. අයියෙ තේ බොන්න. "

" අපි හෙව්වේ ඉතින් දරුවට හොද තැනක් මල්ලි. " 🤨🤨🤨

"දරුවා මෙහේ ඉන්න කැමතියිනේ. ඒක නිසා අපිට ප්රශ්නෙකුත් නැහැ. "

" වටපිටාවත් හොදයි මන් බැලුවා. "

" නංගියි , මල්ලියි කතා වෙලා සාදාරන ගානක් කියන්න්කෝ. " 🤔🤔🤔

" අනේ අයියෙ සල්ලි බලාපොරොත්තුවෙන් දරුවව එක්කන් එන්න කිව්වේ නැහැ. "

" අපිට සතයක්වත් ඕන නැහැ. දරුවව බරක් නෙමෙයි අපිට. "

" ඕනනම් තව බත් පිගානක් වැඩි වෙයි එච්චරනේ. " 🙂🙂🙂

" ඒ උනාට එහෙම බැහැනේ. ඔයාලටත් වියදමක් යනවනේ. "

" එහෙම ඕන නැහැ අයියෙ. අයියලා මාසෙකට වතාවක් දෙවතාවක් වගේ ඇවිත් දරුවට පංති සල්ලි දීලා දරුවගෙ අඩුපාඩු බලලා යන්න. "

" නැතුව අපිට කීයක්වත් එපා. "

" හරි මල්ලි එහෙනම්. අපි හිටපු බෝඩිමට ගිහින් කතා කරලා දුවව එක්කන් එන්නම්. " 😐😐😐

" අනේ මාශි , ඔයා ඉන්න්කෝ. අම්මලා ගිහින් එයිනේ. "

" අම්මලා මගේ ඇදුම් එහෙම තියන තැන් දන්නෙ නැහැනෙ බන්. "

" අපි ගිහින් ඉක්මනට එන්නම්. "

" අනිවාරෙන් එනවා නෙද ??? " 😒😒

" හරි එහෙනම් මගේ scl බෑග් එක ඇපේට තියාගන්නකො මන් එනකන්. "

" හා. Bye !!! ඉක්මනට එන්න. "

" Bye !!!! " 😊😊😊

" අම්මේ මාශිලා එන්න කලින් මන් ඉක්මනට ගිහින් නාගෙන එන්නම්. "

වැඩි වෙලාවක් ගත වෙන්න කලින් මාශිලා බෝඩිමට ගිහිනුත් ආවා.

මොකද , මියැසිගේ ගෙදර මාශි හිටපු බෝඩිමට ගොඩාක් කිට්ටුයි.

" ඔන්න එහෙනම් නංගී අපි කෙල්ලව ඔයාලට බාරදීලා යන්නේ. 😐😐😐

" ආ.... මාශිට පොඩි 4n එකක් දුන්නා අවශ්ය උනොත් කතා කරන්න කියලා. "

" හරි අක්කේ බයවෙන්න එපා ඔයාලා. මේ ඉන්නෙත් අපේම දරුවෙක් තමයි. "

" උවමනා උනොත් කතා කරන්න. අපේ number තියනවනේ ළග. දරුවගේ 4n එකට හරි ගන්න. පුලුවන්නේ. "

" හරි එහෙනම් අපි යනවා. " 😔😔😔

" හොදයි ගිහින් එන්න. "

" මාශි , පුතේ ඔයා ඇගපත හෝදගෙන එන්න. මන් බත් බෙදන්නම් දෙන්නටම. " 🙂🙂🙂

" මියැසි කෑවෙත් නෑ. ඔයා එනකන් හිටියා ඔයා එක්ක කන්නම් කියලා. "

                                                                          Arther  :- Shenoni Madhukalpani


Comments

Popular posts from this blog

Risk and the Importance of Insurance

Introduction to Health Insurance Coverage in the United States

Don't buy a Life Insurance Policy Untill You Read This